විහිළුකතා

හඳට

ඇම්ඩන් A/L එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු…මිනිහා මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..හික් හික්..පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැනැ ශුවර් එකකුත් නැහැල්ලු..ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ් එකක් හොයනවලු..ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..
අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න…

මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..
කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු..
වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..

ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා

පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා…

දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා…

ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා…

දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..
රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ….
පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු…


දැන්නැද්ද ඉතින් අනම් මනම් කර කර හික්..හික්
පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු…

කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු..උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු…ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ…ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ…ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ..

ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු…ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු…ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු…අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා…

දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..

හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා
ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා…

අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා
මාර වැඩකාරයෙක් තමා..හික්ස්..මිනිහා කිව්වලු…මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා වාහන,අතට පයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා…

පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා….මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන ජොබ් එකක් හොයලා දෙන්න කියලා…

ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත් මිටිකරගෙන…ඉන්නවලු..
හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ….ඔයාට මොනාද ඕනේ කියල කියන්න…කියල ලොක්ක කිව්වලු..
ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
පරයෝ දැන් වත් මට “ගිනි පෙට්ටියක්” දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා 

ඒඩ්ස්

ඔන්න එක කැලෑබද ප්‍රදේශයක හිටියලු දරුණු මංකොල්ල කාරයෙක්. හැබයි මෙයා ලඟ ලොකු ලොකු ආයුද නෑ.. තියෙන්නෙ ඒඩ්ස් රෝගියෙක්ගෙන් ගත්තු ලේ තියෙන සිරින්ජරයක් විතරයි.. මෙයා මිනිස්සුන්ව බය කරන්නෙ ඒකෙන් අනිනවා කියල.. ඊට පස්සේ මිනිස්සු ලඟ තියෙන සල්ලි රත්තරං බඩු ඔක්කොම මේ හොරා ගන්නවා.. කවුද කැමති ඒඩ්ස් හදාගන්න..?

දවසක් උඩුරාවණ ඔෆිස් එකේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යද්දි මේ මංකොල්ලකාරය මේ කට්ටිය ගිය බස් එක නවත්තල ඒකට පැන්න.

මංකොල්ලකාරය : “කට්ටියම හොඳට බලාගන්න. මේ තියෙන්නෙ ඒඩ්ස් රෝගියෙක්ගෙන් ගත්තු ලේ තියෙන සිරින්ජරයක්.. හොඳ හිතින් තමුන්ල ගාව තියෙන සල්ලි රත්තරං බඩු ඔක්කොම මට දෙනවා.. නැත්තන් මම මේකෙන් අනිනවා… මොකද කියන්නේ…?”

ඔන්න දැන් මංකොල්ල කාරය එක එක්කෙනා ලඟට එනවලු. හැමෝම ඉතින් තමන් ලඟ තියෙන වටිනා දේවල් සද්ද නතුව මංකොල්ල කාරයට දෙනවලු. ඔන්න ඉතින් උඩුරාවණ ලඟටත් මංකොල්ලකාරය ආවා. උඩුරාවණ ඉන්නවලු කිසි ගානක් නැතුව.

මංකොල්ලකාරය : “මොකෝ ලොක්කා..? තමුන් ගාව තියෙන සල්ලි ඔක්කොම මට දෙනවා.. නැත්තන් මම මේකෙන් අනිනවා… මොකද කියන්නේ…? කැමතිද ඒඩ්ස් හදාගන්න..?”

උඩුරාවණ : “අනේ යනව ඕයි යන්න.”

බස් එකේ කට්ටිය ඩිම් වෙලා..”අය්යෝ… උඩුරාවණ…” කට්ටිය කසු කුසු ගානවා.

“ආ… එහෙමද….” කියල මංකොල්ලකාරය උඩුරාවණට ඉන්ජෙක්ශන් කටුවෙන් ඇන්නලු..”ඕකනෙ තමුසෙට ඕන උනේ……?” කියල පොර බැහැල ගියාලු. මංකොල්ලකාරය ගියා විතරයි කට්ටිය උඩුරාවණව වටකරගත්තලු

සෑම් : “අය්යෝ මොකද මනුස්සයො මේ කරගත්තෙ, දැන් ඉතින් ඉවරයිනෙ මුලු ජීවිතේම”

උඩුරාවණ : “නෑහ්…..”

සෑම් : “ඇයි මනුස්සයො දැන් තමුසෙට ඒඩ්ස් හැදෙනවනේ”

උඩුරාවණ : “නෑ මට ඒඩ්ස් හැදෙන්න නෑ”

සෑම් : “ඒ කොහොමද?”

උඩුරාවණ : “මම *න්ඩම් එකක් දාගෙන ඉන්නේ..”

ආයෙත් පාරක් try කරන්න පුතා

සුන්ඳර අවිවාහක තරුණියක වූ සොෆි ඇය මවක් වීමට යන බැව් දැනගත් විගස එය තම මවට පැවසුවාය.
”අනේ දෙවියනේ, මොන යකාද උඹට මේ අපරාදේ කරේ?”

වහාම දුරකතනය වෙත ගිය සොෆි යමෙකුට දුරකතන ඇමතුමක් ගත් අතර පැයකට පමණ පසුව අධි සුඛෝපභෝගී මෝටර් රථයකින් බැසගත් ටයි කෝට් හැඳි කඩවසම් තරුණයෙක් ඉන් බැස නිවස තුළට පැමිණියේය. සොෆි, ඇයගේ මව සහ ඇයගේ පියා ඔහු කියන්නට යන්නේ කුමක්දැයි යන පැනයෙන් යුතුව දෑස් අයා බලා සිටින්නට විය.

”සොෆිට වුනු දේට වගකියන්න ඕන මම තමයි. ඒත් මට ඇයව විවාහ කරගන්න බෑ. ඒ වෙනුවට ඇයට ලැබෙන්නේ දුවෙක් වුනොත් කඩ කාමර දෙකකුත්, දෙමහල් නිවසකුත් කෝටියක මුදලකුත් මම දෙන්න කැමතියි. පුතෙක් ලැබුනොත් කම්හල් දෙකකුත්, නඟරාසන්නව නිවසකුත් කෝටියක මුදලකුත් මම දෙන්න කැමතියි. ලැබුනේ නිඹුල්ලු වුනොත් දෙන්නටම කෝටිය බැගින් ගිණුම් දෙකක් මම ලබා දෙනවා.

ඒත් වැරදිලාවත් ඉපදෙනකොට ළමයා නැති වුනොත් ඔයාල මට මොකද්ද කරන්න කියන්නේ???”
මදක් කල්පනාවේ නිමග්නව සිටි පියා තම කටහඬ අවදි කලේය.

”ආයෙත් පාරක් try කරන්න පුතා.”  

රාවණාගෙ දුන්න

එකදවසක් පරික්ෂකවරයෙක් පාසලට ගියා.යනකොට ඒකෙ ඉතිහාසය උගන්වනවා.ටික වෙලාවක් බලන් හිටපු ඔහු ලමයෙකුගෙන් ප්‍රශ්නයක අහුවා..

පරික්ෂක-ඔය ලමයා කියන්න බලන්න රාවණාගේ දුන්න කැඩුවෙ කව්ද කියල?
ලමයා-අනේ සර් මම නම් නෙමෙයි.ඉස්කෝලේ මොනා උනත් අල්ලන්නේ මාව.මට මොකටද දුන්නක්..මම දුන්නක් දැකලවත් නෑ!!
පරික්ෂක-(තරහින් ගුරුවරයාට..)මොකද මේ ලමයින්ට උගන්වන විදිහ??මේ ලමය රාවණාගෙ දුන්න ගැන දන්නෙ නෑ!!
ගුරුවරයා-අනෙ සර් මම දන්නව මුගෙ හැටි..ඕකම තමයි ඕක කඩන්න ඇත්තෙ..
( පරික්ෂකට හොදටම තරහ ගොස් මෙය විදුහල්පතිට කිව්වා…)

විදුහල්පති-ඔය ගුරුවරයා ලගදියි ඉස්කෝලෙට ආවෙ.මිනිහ ලමයි ගැන වැඩිය දන්නෙ නෑ.ඒත් මම දන්නවා.ඕක කඩන්න ඇත්තේ අටේ පංතියෙ ලමයි වෙන්න ඇති.උන් මුලු ඉස්කෝලෙම වනසනවා!!

පරික්ෂකවරයා මෙය ලොග් පොතේ සටහන් කරේය…
"රාවණාගෙ දුන්න කැඩුවේ කව්දැයි පාසල් ලමුන් පමනක් නොව ඉතිහාසය ගුරුවරයා හෝ විදුහල්පතිද නොදනී.පාසලේ කටයුතු ඉතා දුර්වලයි"

ටික දිනකට පසු විදුහල්පතිට අධ්‍යපන අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබුනි.එහි මෙසේ සටහන් විය..
"රාවණාගේ දුන්න කැඩුනු ආකාරය කිසිවෙකු නොදන්නේ යැයි පාසල් පරික්ෂකවරයා දන්වා ඇත.කවුරුන් හෝ කඩා දැමුවද මේවා රජයේ දේපලය.ඉන්වෙන්ට්‍රියට ඇතුලු කිරීමට කැඩුනු දුන්නේ කැබලි දෙක වහාම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට බාර දෙන්න"……!!!!

ලී මෝල

පංසලේ ලොකු හාමුදුරුවො රාත්‍රී 10ට පමන සැතපෙන්නට හැදුවා පමනි දුරකතන ඇමතුමක් ආවේය..

ඇමතුම-හෙලෝ..ඔය විජය ලී මෝලද?
හිමියන්-නැත පිංවත රෝන්ග් නම්බර්..මේක පංසලක්.හිමියන් පිලිතුරු දුන් සේක.
(නැවතත් රාත්‍රී 12ට පමන ඇමතුමක් ලැබිනි.ඒ වන විට හාමුදුරුවන් සිටියේ සුව නින්දේ සැතපෙමිනි.)
ඇමතුම-හෙලෝ..ඔය විජය ලී මෝලද?
හිමියන්-නෑ ඕයි..!!මේක පන්සල.මේ ලොකු හාමුදුරුවො කතා කරන්නෙ..
(නැවතත් පාන්දර 2ට පමන පෙර කී දුරකතන ඇමතුමම ලැබුනේය.)
ඇමතුම-හෙලෝ..ඔය විජය ලී මෝලද?
(මෙවර නම් හිමියන්ට හොදටම යක්ෂයා ආරූඩ විය.දුරකතනය අතට ගත් හාමුදුරුවෝ මෙසේ පිලිතුරු දුන් සේක…)
හිමියන්-ඔව්!!!විජය ලී මෝල තමයි.ඇයි උබේ පු# ඉරාගන්න ඕනද??…..!!!!

ආණ්ඩුව

දිනක් පොඩි එකෙක් තම පියාගෙන් මෙසේ අසයි….

කොල්ලා-මොකද්ද තාත්තේ ආන්ඩුව කියන්නේ??
පියා-ආන්ඩුව කියන්නේ පුතේ හරියට මං වගෙ..දැන් බලපන් මං දිහා..මං වැඩ කරන්නේ මට ඕන විදිහටයි..
කොල්ලා-එතකොට විපක්ෂෙ කියන්නේ??
පියා-ආ!!ඒක අවිල්ල හරියට උබලගෙ අම්ම වගෙ..මම කියන හැම දේකටම විරුද්ද වෙනවා..එතකොට උබලගෙ අක්කයි,අයියයි හරියට වෘත්තීය සමිති වගෙ.උන් කොහොම හරි කැ ගහල උන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නවා….
දැන් බලපන් උබ දිහා…උබ තමයි ජනතාව.කොයි පැත්තෙන් බලුවත් තැලෙනව.හැමෝම උබට තමයි පාට් දාන්නේ…!!

(පසු දින අවදි වූ පොඩි එකා තම පියාට මෙසේ කියයි…)
කොල්ලා-තාත්තේ මං ඊයේ රෑ දැක්කා…..මං දැක්කා….!!
පියා-මොනවද උබ දැක්කයි කිව්වෙ???කියපන් බලන්න….

කොල්ලා-ඊයෙ රෑ ආන්ඩුව විරුද්ධ පක්ෂෙට පෙරල පෙරලා පහර දෙනවා.වෘත්තීය සමිති මර නින්දෙ.ඒත් ජනතාව අවදියෙන්!!!!!!!

බය

ජොනී: අපේ තාත්තා නම පුදුම බයයි ඇම්ඩෝ. විදුලි කොටන කොට මිනිහ ඇඳ යට.

ඇම්ඩා: උඹලගේ තාත්තා හොඳයි. අපේ මෑන් කළුවරටත් බයයි. අම්ම නයිට් ඩියුටි ගියහම නිදාගන්නෙත් පුංචි ළඟ. 

කෝච්චි දෙකක් එකම ට්‍රැක් එකේ

දිනක් පුද්ගලයෙකු ඉන්ටර්වීව් එකකට මුහුන දීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ගියේය.මේ එහිදී සිදු වූ දෙබසකි….

පරීක්ෂක-හරි ඔයා හිතන්න දැන් කෝච්චි දෙකක් එකම ට්‍රැක් එකේ වේගයෙන් මුහුනට මුහුන හැප්පෙන්න එනවා.ඔයා මොනවද කරන්නේ??
මිනිසා-මම ට්‍රැක් එක මාරු කරන්න ට්‍රයි කරනවා..
පරීක්ෂක-ට්‍රැක් එක මාරු කරන්න බැරි නම්??
මිනිසා-රතු පාට එලියක් අරන් එනවා…
පරීක්ෂක-එහෙමත් බැරි නං??
මිනිසා-ටක් ගාල දුවල ගිහින් පුතාව එක්කං එනවා!!
පරීක්ෂක-මොන පිස්සු වැඩක්ද ඒ??ඇයි පුතාට පුලුවන්ද හැප්පෙන එක නවත්තන්න?

මිනිසා-නෑ නෑ!!ඒවගේ සීන් එකක් ආපහු බලා ගන්ඩ වෙන්නෑ!!ඒකයි පුතාව අඩගහන් එන්නේ!!!!!

පිළිගැනීමේ නිලධාරිනියගේ රෝගය

අවුරුදු 86ක් වයසැති පුද්ගලයෙක් සෙනඟ පිරුණු කාමරයට පිවිස මේසය වෙත ගියේය.
“ඔව් සර්! ඔබ අද දොස්තර හමුවෙන්නේ මොකටද?” කියා පිළිගැනීමේ නිලධාරිනිය විමසුවාය.
“මගේ පුරුෂ ලිංගයේ මොකක්දෝ දෝෂයක් තියෙනවා” මහළු පුද්ගලයා පිළිතුරු දුන්නේය.
මෙය ඇසූ සැණෙන් පිළිගැනීමේ නිලධාරිනිය කෝපයට පත් වූවාය.
“මෙවැනි සෙනඟ පිරුණු තැනකට ඇවිත් එවැනි දෙයක් කීම ඔබට වටින්නේ නැහැ” ඇය කියා සිටියාය.
“ඇයි නැත්තේ? ඔබ මගෙන් රෝගය කුමක්ද කියා ඇහුවා, මම කිව්වා” යැයි ඔහු කීවේය.
එවිට පිළිගැනීමේ නිලධාරිනිය මෙසේ පැවසුවාය. 
“ඔබ දැන් මේ සෙනඟ පිරුණු කාමරයේදී මාව ලැජ්ජාවට පත් කර තියෙනවා. 
ඔබට කනේ හරි වෙන කොහේ හරි අමාරුවක් තියෙනවා කියලා මට කියන්න තිබුණා. 
ඊට පස්සෙ දොස්තර ළඟට ගිහින් පෞද්ගලිකව ඔබේ රෝගය ගැන සාකච්ඡා කරන්න තිබුණා.”
“පිළිතුරෙන් ඔබ ලැජ්ජාවට පත් වුණා නම් අමුත්තන්ගෙන් පිරුණු කාමරයක ඔබ මිනිසුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොයුතුව තිබුණා” කියූ මහලු පුද්ගලයා 
එතැනින් පිටව ගියේය. 
මිනිත්තු කිහිපයකින් පසුව යළි පැමිණියේය.
පිළිගැනීමේ නිලධාරිනිය සිනාමුසුව “ඔව්!” කීවාය.
“මගේ කනේ මොකක්දෝ වැරැද්දක් තියෙනවා” මහළු පුද්ගලයා කීවේය.
හිස වනමින් ඔහු පිළිගත් ඇය ඔහු තමාගේ උපදෙස් අනුගමනය කරනු දැකීමෙන් 
ආඩම්බරයට පත් වූවාය. පෙර සිනාවෙන් ම “ඔබේ කනේ තිබෙන වැරැද්ද මොකක්ද සර්?” කියා ප්‍රශ්න කළාය.
“මට ඒකෙන් මුත්‍රා කරන්න බැහැ” යැයි මහලු පුද්ගලයා පිළිතුරු දුන් විට මුළු කාමරයම සිනා හඬින් පිරී ගියේය.